What are these candlesticks ? මොනවද කැන්ඩල්ස්ටික් කියන්නේ 


ඈත අතීතයේ ජපන්නු සහල් වෙළදාම් කරද්දී මේ කියන කෑන්ඩල් පාවිච්චි කරා. ඉතින් එවකට හිටපු ස්ටීව් නයිසන් ( Steve Nison ) කියන මහත්මයේක් මේක පාවිච්චි කරපු ජපන් බ්‍රෝකර් කෙනෙක් ගෙන් මේ ක්‍රමේ හොයාගත්තේ . ඊට පස්සේ ඒ මහත්මයා මේ ගැන වැඩි දුර පරීක්ෂණ කරලා තමා ලෝකෙට කිව්වේ මේක තියෙන වටිනා කම trade කරද්දී. ස්ටීව් නයිසන් මහත්මයා නොහිටින්න ඉතින් සමහරවිට මේ ක්‍රමේ වැළලිලා යන්නත් තිවුනා. ඔන්න ඒ මහත්තයට පින් දෙන්න අමතක කරන්න එපා යාලුවනේ !

Basics of Japanese Candlestick ( ජපන් කෑන්ඩල්ස්ටික් එකක මුලික ලක්ෂණ )

ජපන්කෑන්ඩල්ස්ටික් බුලිෂ් ( bullish ) සහ බෙරිෂ් ( bearish ) ලෙස තමා ඔබට චර්ට් එකක පෙන්නනේ. ඔබට තේරෙන විදියට කිව්වොත් බොහොමයක් බ්‍රෝකර්ලගේ වැඩිවීමකදී පෙන්නනේ green/white candlestick ( bullish ). අඩුවීමක්දී පෙන්නනේ red/black candlestick ( bearish ). මේවයේ ශරීරයක් ( body ) සහ හෙවනැල්ලකින් ( shadow ) සමන්විතයි. සාමාන්‍යයෙන් body එක ගොඩක් දිගට තියෙනවනන් පොඩි shadow එකක් එක්ක හරි කිසිම shadow එකක් නැත්තම්. ඒක හොද strong candle එකක්.

What are the  various types of  Japanese candlesticks & patterns  ? ( මොනවද මේ Japanese candlestick වර්ග සහ රටා ? )

ජපන් කෑන්ඩල්ස්ටික් ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්

1 ) Single candlesticks patterns ( තනි කෑන්ඩල්ස්ටික් )

මේ කෑන්ඩල්ස්ටික් තනි තනි වශයෙන් තමා අදුරගන්න පුළුවන්

1a ) Green/White Marubozu (bullish marubozu)   and  Red/Black Marubozu  (bearish marubozu)

Green/White Marubozu කෑන්ඩල්ස්ටික් එක මගින් නිරුපනය කරන්නේ වැඩිවීමක්. ගොඩක් වෙලාවට ඔයාට මේක දැකගන්න පුළුවන් uptrend එකකදී. අර ඉස්සෙලා මම කිව්වා වගේ මේවයේ හෙවන්නල්ල ඇත්තෙම නෑ එක්කෝ පොඩි හෙවන්නල්ලක් තමා තියෙන්නේ. Red/Black Marubozu කෑන්ඩල්ස්ටික් එක මගින් නිරුපනය කරන්නේ අඩුවීමක්. ගොඩක් වෙලාවට downtrend එකකදී මේක දැකගන්න පුළුවන්. range market එකකදී ගොඩක් වෙලාවට මේවා කවලමේ තමයි පෙන්නනේ මොකද trend ඒවා strong නැති නිසා.

Green/White Marubozu
Result  Uptrend

Red/Black Marubozu
Result – Downtrend

1b ) Spinning Top

මේක neutral candle ( අදහස් කරේ අඩු වැඩි වීමක් පෙන්නනේ නැති නිසා ) එකක්. මේකෙන් අපිට දැනගන්න පුළුවන් මාර්කට් එක වැඩිය වෙනස් වෙන්නේ නැති තත්වෙකට එමින් තියෙන්නේ buyersලා සහ sellarsලා එක සමාන මට්ටමකට අවහම ( trend එකක් ඉවර වෙන්න කිට්ටු වෙනකොට ) හරි ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්න හදන්නේ කියලා. ට්‍රෙන්ඩ් එකක් වෙනස් වෙනවනං අනිවාර්යයෙන් මේකට පස්සේ strong bullish හරි bearish හරි candle 2ක් 3ක් වත් පෙන්නන කන් ඉන්න ඕන. Spinning top එක දිගට තියෙන මාර්කට් වල trade කරන්න එපා මොකද ඒවායේ ඇහැට පේන අඩු වැඩි වීමක් නැතිනිසා ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්.

trend එකක් එහෙමත් නැත්තම් trend reversal එකක් අදුරගන්න ගොඩක් වෙලාවට මේක උපකාරී වෙනවා. ඉතින් මේක ඉතා වටිනා ලිපියක් වෙනවාට සැකයක් නෑ  ඔබ trade කරද්දී. =) මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අමතක කරන්න එපා.

Result  neutral, possible indication for uptrend/downtrend soon

1c ) Doji

මේකයි ඉස්සෙල්ලා එකයි එකමද කියලත් හිතෙන්නේ පුළුවන් නේද. මේ candle එකේ බොඩි එක හරියට ඉදිකට්ටක් වගේ තුනී.එහෙමත් නැත්තන් තුනී line දෙක තුනකට වඩා ඝන නෑ. මේකත් neutral. මේකත් ඉතින් සාමාන්‍යයෙන් trend එකක් ඉවර වෙන්න කිට්ටු වෙනකොට සහ අලුත් ට්‍රෙන්ඩ් එකකට breakout සිග්නල් එකක් වගේ තමා මේකෙත් දෙන්නේ. මේක candle වර්ග කීපයක් තියෙනවා ඉහල පින්තුරේ තියෙන විදියේ.

Result  neutral, possible indication for uptrend/downtrend soon

1d) Hammer and Inverted Hammer

මේක නිකන් මිටියක් වගේ නිසා තමා මේකට මේ නම වැටිලා තියෙන්නේ. මේකේ පාට එච්චර ප්‍රශනයක් නෙමේ. මේ වගේ candle එකක් downtrend එකකට පස්සේ ඇතිවෙලා ඊට පස්සේ ස්ට්‍රොන්ග් green/white marubozu candle 2ක්-3ක් වගේ පෙන්නුවහම හොද uptrend එකක් පටන් ගන්න යන්නේ කියලා සිග්නල් එකක් තමා දෙන්නේ.

Hammer ( Downtrend ඉවර වෙලා පටන් ගන්න ඕන )

මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක පහලට තියෙන්නේ. උඩ පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Inverted hammer ( Downtrend ඉවර වෙලා පටන් ගන්න ඕන )

මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක ඉහලට තියෙන්නේ. පහල පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Result  uptrend

1e) Hanging Man and Shooting Star

මේක ඉස්සෙල්ල දෙකේ ඇත්තටම අනිත් පැත්ත. මේක uptrend එකක් ඉවර වෙලා ඇතිවෙනවා කියන්නේ downtrend එකක් පටන් ගන්න සිග්නල් එකක් කියලා. downtrend එකක් කියලා වැඩි අවබෝදයක් ගන්න ඉතින් ඉස්සෙල්ලා වගේම හොද strong bearish marubozu දෙකක් වත් මේකට පස්සේ නිරුපනය වෙනකන් ඉන්න වෙනවා..

Hanging Man ( Uptrend ඉවර වෙලා පටන් ගන්න ඕන )

මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක පහලට තියෙන්නේ. උඩ පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Shooting Star ( Uptrend ඉවර වෙලා පටන් ගන්න ඕන )

මේකේ body එක වගේ දෙගුණයක් තුන්ගුණයක් වගේ shadow එක ඉහලට තියෙන්නේ. පහල පැත්තේ shadow එක ලාවට තියෙන්නේ පුළුවන් හෝ ඇත්තේම නැති වෙන්න පුලුවන්.

Result  downtrend

2 ) Double candlestick Patterns ( ද්විත්ව කෑන්ඩල්ස්ටික් )

මේවා ඉතින් දෙක දෙක ඇති වුනොත් තමයි trend reversal එකක් වෙන්න පුළුවන්.

2a) Tweezer Tops

මේ වගේ pattern එකක් ඇති වෙන්නේ දීර්ග uptrend එකකට පස්සේ. පළමු tweezer candle එක bullish (white/green) වෙන්න ඕන. දෙවැනි එක bearish (red /black) වෙන්න ඕන. මේ දෙකේම සෙවනැල්ල එක සමාන වෙන්න ඕන හොද effective trend reversal එකකට කියන එකත් අමතක කරන්න එපා යාලුවනේ.

Result – Downtrend

2b) Tweezer Bottoms

මේ වගේ candlestick pattern එකක් ඇති වෙන්නේ දීර්ග down trend එකකට පස්සේ. පළමු tweezer candle එක bearish (red /black) වෙන්න ඕන. දෙවැනි එක bullish (white/green) වෙන්න ඕන. මේ දෙකේම සෙවනැල්ල එක සමාන වෙන්න ඕන ඉස්සෙල්ල වගේම හොද effective trend reversal එකකට

Result  Uptrend

2c) Bullish Engulfing

මේක ඇතිවෙන්න downtrend එකකට පස්සේ. මෙතන වෙන්නේ downtrend එකේ candle එක ඊළගට ඇතිවෙන bullish candle එකකින් එහි body එක සම්පුර්ණයෙන් ආවරණය කිරීම. අනිත් මතක තියාගන්න ඕන කරුණු දෙක තමයි. bullish candle එක ටිකක් පල්ලෙහට යන්නත් ඕන පලමු එකට වඩා.ඒවගේම bullish candle එක bearish candle එක ආවරණය කළා වගේම ඒකට වඩා ඉහලින් ඉවර වෙන්නත් ඕන.

Result  Uptrend

2d) Bearish Engulfing

මේක ඇතිවෙන්න uptrend එකකට පස්සේ. මෙතන වෙන්නේ uptrend එකේ candle එක ඊළගට ඇතිවෙන bearish candle එකකින් එහි body එක සම්පුර්ණයෙන් ආවරණය කිරීම. අනිත් මතක තියාගන්න ඕන කරුණු දෙක තමයි. bearish candle එක ටිකක් පල්ලෙහට යන්නත් ඕන පලමු එකට වඩා.ඒවගේම bearish candle එක bullish candle එක ආවරණය කළා වගේම ඒකට වඩා ඉහලින් ඉවර වෙන්නත් ඕන.

Result – Downtrend

2e) Bullish Harami

මේකේ වෙන්නේ downtrend එකක් අවසානයේ තියෙන bearish candle එක ඊළගට තියෙන bullish candle එක ආවරණය වීම. ඉස්සෙල්ල දෙකේ වගේම මේකෙත් පල්ලෙහට ටිකක් ගිහින් තියෙන්නේ ඕන bearish candle එකේ (පළමු candle එකේ).

Result  Uptrend

2f) Bearish Harami

මේකේ වෙන්නේ uptrend එකක් අවසානයේ තියෙන bullish candle එක ඊළගට තියෙන bearish candle එක ආවරණය වීම. ඉස්සෙල්ල දෙකේ වගේම මේකෙත් පල්ලෙහට ටිකක් ගිහින් තියෙන්නේ ඕන bullish candle එකේ (පළමු candle එකේ).

Result – Downtrend

3 ) Triple candlestick Patterns ( ත්‍රිත්ව කෑන්ඩල්ස්ටික් )

මේවා ඉතින් තුන තුන ඇති වුනොත් තමයි trend reversal එකක් වෙන්න පුළුවන්.

3a) Morning Star

මේකේ වෙන්නේ downtrend එකක් අවසානයේ තියෙන bearish candle එකට පස්සේ කුඩා body එකක් තියෙන candle එකක් ඇතිවෙනවා. ඒක bearish /bullish වුනාට කමක් නෑ (මේක ගොඩක් වෙලාවට spinning top හරි doji හරි candle එකක්. නැත්තන් කුඩා bearish/bullish candle එකක්). ඉන්පසු body එක ලොකුවට තියෙන bullish candle එකක් ඇතිවෙනවා ( සාමාන්‍යයෙන් මේක downtrend එකේ අවසානයට ඇතිවුන ලොකු bearish candle එකෙන් බාගෙකට වඩා වැඩි වෙන්න ඕන ). දැන් මේ රටාව reversal uptrend point එකක් විදියට නැවත සනාථ කරගන්න පුළුවන් ඊළගට ඇතිවෙන විශාල bullish candle එකෙන්.

Result – Uptrend

3b) Evening Star

මේකේ වෙන්නේ uptrend එකක් අවසානයේ තියෙන bullish candle එකට පස්සේ කුඩා body එකක් තියෙන candle එකක් ඇතිවෙනවා. ඒක bearish /bullish වුනාට කමක් නෑ (මේක ගොඩක් වෙලාවට spinning top හරි doji හරි candle එකක්. නැත්තන් කුඩා bearish/bullish candle එකක්). ඉන්පසු body එක ලොකුවට තියෙන bearish candle එකක් ඇතිවෙනවා ( සාමාන්‍යයෙන් මේක uptrend එකේ අවසානයට ඇතිවුන ලොකු bullish candle එකෙන් බාගෙකට වඩා වැඩි වෙන්න ඕන ). දැන් මේ රටාව reversal downtrend point එකක් විදියට නැවත සනාථ කරගන්න පුළුවන් ඊළගට ඇතිවෙන විශාල bearish candle එකෙන්.

Result  Downtrend  

3c) Three Inside Up

Downtrend එකක් අවසානයේ ඇතිවෙන bearish candle එකකින් පස්සේ. සාමාන්‍ය ප්‍රමාණයේ candle එකක් ඇතිවෙන්න ඕන. හැබැයි එක අවසන් වෙන්න ඕන bearish candle එකේ බාගෙකට වඩා ඉහලින්. ඊළගට ඇතිවෙන bullish candle එක නන් ඉවර වෙන්න ඕන පළමු bearish candle එකට උඩින්.

Result – Uptrend

3d) Three Inside Down

Uptrend එකක් අවසානයේ ඇතිවෙන bullish candle එකකින් පස්සේ. සාමාන්‍ය ප්‍රමාණයේ candle එකක් ඇතිවෙන්න ඕන. හැබැයි එක අවසන් වෙන්න ඕන bullish candle එකේ බාගෙකට වඩා පහලින් . ඊළගට ඇතිවෙන bearish candle එක නන් ඉවර වෙන්න ඕන පළමු bullish candle එකට වඩා පහලින්.

Result – Downtrend

3e) Three White Soldiers Candlestick Pattern

Downtrend එකක් ඉවර වෙලා ඊළගට හොද bullish candle තුනක් ඇතිවෙන්න ඕන. මෙතන වැඩියෙන් අවදානය යොමු කරන්න ඕන දෙවෙනි සහ තුන්වෙනි candle පටන් ගන්න තැන ගැන. එම candle හැම විටම ආරම්භ වෙන්න ඕන ඊට ප්‍රථම එකේ අවසානයට පෙර (රුප රාමුව බලන්න. මොකක්ද කිව්වේ කියලා තේරෙයි !

Result  Uptrend

3f) Three Black Crows Candlestick Pattern

මේ ඉතින් ඉස්සෙල්ලා කිව්වා එකේ අනිත් පැත්ත. uptrend එකක් ඉවර වෙලා හොද bearish candle තුනක් ඇතිවුනහම හරි. ඉස්සෙල්ලා වගේම ඉතින් දෙවෙනි තුන්වෙනි candle ආරම්භ වෙන්න ඕන ඊට ප්‍රථම තියෙන candle එකේ අවසානයට පෙර..

Result  Downtrend

Leave a Reply

Your email address will not be published. Required fields are marked *