94702542571 support@elearnlions.com

Margin Trading Tutorial 


Binance තුල ඇති ප්‍රධාන Trading ක්‍රම තුනෙන් දෙවනි ක්‍රමය විදිහට අපි මේ Margin Trading පිලිබදව කතා කරනවා. Spot Trading වලට වඩා වැඩියෙන් මෙම ක්‍රමයේදී මුදල් උපයන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමා අවදානමත් Spot Trading වලට වඩා වැඩියි. ඒ ඇයි කියල ඔයාලට  අවසානයේ තේරුම් ගන්න පුලුවන්. මේ Margin Trading වල මූලිකම දේ තමා Binance අපට ලබා දෙන ණය. ඒ කියන්නෙ Margin Trading වලින් අපට පුලුවන් ණය ගන්න(Borrow). ඒ කියන්නෙ අපට වැඩි Coin ප්‍රමාණයක් මිලදී ගන්න පුලුවන් කියන එක, වැඩි Coin ප්‍රමාණයක් මිලදී ගන්න පුලුවන් කියන්නෙ ගත්තු Coin එකේ මිළ වැඩි වුනොත් ලාභයත් වැඩියි කියන එක. අනෙත් වැදගත්ම දේ තමා මේ Margin Trading වලින් Coin එකක මිළ අඩු වෙද්දිත් ලාභ ගන්න පුලුවන්. ඒ කොහොමද කියල අවසාන වෙද්දි ඔයාලට තේරුම් ගන්න පුලුවන්. 

ඒ වගේම තමා  elearnlions.site වෙබ් අඩවියේ මුලින්ම බලන්නේ මේ ලිපිය නම් Margin Trading වලට කලින් ඔයාල Binance ගැන ලියවුනු මුල් ලිපි පෙල මුල ඉදල බලනවා නම් ගොඩක් හොදයි. මොකද එකපාර Margin Trading කරන එක අනුමත කරන්න බෑ. ඒ නිසා මෙතනින් ගිහින් ඒ ලිපි පෙල අනිවාරයෙන් බලල එන්න.

හරි අපි එහෙනම් දැන් බලමු  හරි විදිහට Margin Trade එකක් දාන්නෙ කොහොමද කියල.මෙතනදිත් අපි අපේ Margin Wallet එකට USDT හෝ වෙනත් Coin එකක්  අවශ්‍ය වෙනවා. හරියට අපි P2P Wallet එකෙන් Spot Wallet එකට USDT එව්වා වගේ. මෙතනදි අපට Binance එකේ Margin Wallet දෙකක් හදුනා ගන්න පුලුවන්. අපි බලමු මේ දෙක මොකක්ද කියල.

මුලින්ම උඩ පෙන්නල තියෙන Screenshot වල පරිදි App එකේදී නම් පහල Menu එකේ Wallets ලබා දී Margin ලබා දෙන්න. Website එකේ දී Wallet යටතේ Margin ලබා දෙන්න. එතකොට ඔයාලට උඩ පෙන්නල තියෙන ආකාරයට දැකගන්න පුලුවන්. අපි Margin Wallet එකට මුදල් Transfer කිරීමට පෙර මෙහි ක්‍රියාකාරිත්වය තේරුම් අරගෙන ඉමු. 

Margin Trading එකක මොකද වෙන්නෙ? Margin Trading වල ඇයි ලාභ වැඩි.

හරි දැන් බලමු මේකෙදි මොකද වෙන්නෙ කියල. Margin Trading කරන්න කලින් මේ කියන දේ හරියටම තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම සරල විදිහට මේක ඔයාලට පැහැදිලි කරල දෙන්නම්. හිතන්න ඔයා ලග තියෙනවා USDT 100 ක්. ඒ වගේම මොකක් හරි Coin එකක් තියෙනවා එකේ මිළ USDT 1 යි. Spot Trading වලදී ඔයාට පුලුවන් වෙන්නෙ මේ USDT 100 ට USDT 1 වෙන Coin එකෙන් Coin 100 ක් ගන්න විතරයි. නමුත් මේ Margin Trading වලදි ඔයාට ණයක් ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් x10(දස ගුණයක්) දක්වා ණය ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අන්න ඒ නිසා අපි Spot Trading වලදී මිළට ගන්නවාට වඩා වඩි Coin ප්‍රමාණයක් මිළදී ගෙන වැඩි ලාභයක් ලබන්න පුලුවන්. මේ විදිහට ණය ගන්න පුලුවන් ප්‍රමාණය තීරණය වෙන්නෙ ඔයාගෙ Margin Wallet එකේ තිබෙන Coin ප්‍රමාණයේ වටිනාකමට අනුවයි. උදාහරණයක් විදිහට ඔයාගෙ Margin Account එකේ USD 100 ක් තිබුනොත් ඔයාට ඒක USDT 1000 ක් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විදිහට ඔයා ලග Bitcoin 0.1(0.1 BTC) තිබෙනවා නම් එය එක් Bitcoin(1 BTC) ප්‍රමාණයක් දක්වා වැඩි කරගන්න පුලුවන්. මෙන්න මේ ණය ගැනීමේ ක්‍රමය නිසා අපට Coin එකක මිළ වැඩි වුනත් අඩු වුනත් ලාභ ලබන්න පුලුවන්. අපි එහෙනම් බලමු පියරෙන් පියවර ඒ කොහොමද කියල.

කලින් කිව්වා වාගේ Margin Wallet එකේ Trading කරද්දි ක්‍රම දෙකකට Trade කරන්න පුලුවන් ඒ දෙක වෙන් වෙන් වශයෙන් ඉහත රූපයේ දක්වල තියෙනවා. එකක් තමා Cross අනෙත් එක තමා Isolated ඒ දෙක පැහැදිලිව උඩ Screenshot වල රතු පාටින් කෙටු කරල තියෙනවා. Trade කරන්න කලින් අපි බලමු මේ දෙකන් මොකද වෙන්නෙ කියලා වෙන් වෙන් වශයෙන්. 

Cross Margin

සරලව Cross Margin ගැන මේ විදිහට ඔයාලට පැහැදිලි කරන්නම්. Cross Margin හරහා ඔබට පස් ගුණයක්(x5) දක්වා ණය(Borrow) ලබා ගත හැකියි. ඔබගේ Cross Margin Wallet එකේ ඇති මුලු මුදල් වල වටිනාකමට, ඔබ මිළදී ගන්නා සියලු Coin වල ලාභය සහ අලාභය සෘජුව බලපානවා. මේ විදිහට උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔබ USDT 100 ක් පස් ගුණයෙන්(x5) වැඩි කරල USDT 500 ක් කර ගන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම ඔබ ලග තිබෙන්නේ USDT 100 ක් පමණයි. නමුත් ඔබට USDT 500 ක Coin දැන් මිළදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා USDT 250 කට A කියන Coin එකත් අනෙක් USDT 250 ට B කියන Coin එකත් Buy කරනවා. මෙතනදි හොදටම හිතේ තියාගන්න අවශ්‍ය දෙයක් තිබෙනවා. අපි කොච්චර Borrow කලත් කොච්චර Coin මිළදී ගත්තත් යම්කිසි විදිහකින් මිළදී ගත්ත කොයින් එකක මිළ අඩු වුනොත් පාඩුව දරා ගන්න පුලුවන් වෙන්නෙ ඇත්තටම USDT 100 ක් විතරයි. මේ විදිහට හිතන්න.

හිතන්න අර අපි කිව්ව A කියන Coin එක අපි ගන්නෙ USDT 1 ගානෙ Coin 250 යි. දවසකට පස්සෙ A කියන Coin එක USDT 1.10 ට වැඩි වෙනවා. එතකොට A කියන Coin එකේ ලාභය USDT 25(0.10×250) යි. ඒ වගේම B කියන Coin එකත් අපි ගන්නෙ USDT 1  ගානෙ Coin 250 යි. ඉතින් දවසකට පස්සෙ මේ B කියන Coin එකේ මිල USDT 0.60 එතකොට ඔයාට දැන් පාඩුයි. පාඩුව USDT 100(0.40×250=100) ක් වෙනවා. ඉතින් මම කලින් ඔයාලට කිව්ව අපිට පාඩු වුනොත් පාඩුව දාරාගන්න පුලුවන් වෙන්නෙ අපි ලග ඇත්තටම තිබෙන USDT 100 ක ප්‍රමාණය විතරයි කියල. නමුත් මෙච්චර වෙලා මම කිව්වෙ උදාහරණෙ විදිහට අපි තාම Loss වෙලා නෑ. මොකද A කියන Coin එකෙන් අපට USDT 25 ක ලාභයක් තමත් අපට තිබෙනවා. ඒ විදිහට බලපුවාම අපේ මුලු අලාභය USDT 75 යි. යම්කිසි හෙයකින් අපි මේ Coin දෙකම විකුණල ගත්තු ණය ගෙවල දැම්මම අපට ඉතිරි වෙන්නෙ  USDT 25 යි.

හිතන්න ඔයා මේ Coin දෙක විකුණන්නෙ නැතිව තව දුරටත් මේ Trade දෙක අල්ලන් ඉන්නවා. කිසියම් විදිහකින් ඔය Coin දෙකෙන් එකකින් තවත් USDT 25 ක් Loss වෙලා සම්පූර්ණ Loss එක USDT 100 ඉක්මවා ගියහම මේ Coin දෙකම අපේ මැදිහත්වීමකින් තොරව විකිණෙනවා ඒ වගේම ඔබගේ USDT 100 ත් අතුරුදහන් වෙනවා. අන්තිමට ඔය වෙන දේට කියන්නෙ Liquidated වෙනවා කියල. මම හිතනවා ඔයාලට මේ කිව්ව දේ හොදට තේරුනා කියල. තේරුනේ නැත්නම් කීප වරක් කියවල හරි තේරුම් ගන්න. මොකද මේක අනිවාරයෙන්ම තේරුම් ගත යුතුයි Trader කෙනෙක් විදිහට.අධික ලාභ ලැබිය හැකි Trading ක්‍රම වල මූලික හරය වෙන්නෙ මේ Margin Trading වලදී සිදු වන ක්‍රියාවලියයි.

 

Isolated Margin

අපි දැන් බලමු Isolated Margin Trading කියන්නෙ මොකක්ද සහ මේක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල. මෙම ක්‍රමය යටතේ අපට දස ගුණයක්(x10) දක්වා ණය(Borrow) ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. වැදගත්ම දේ වන්නේ මෙම ක්‍රමයේදී එක Trade එකක ලාභය හෝ අලාභය අනෙක් Trade වලට කිසිදු බලපෑමක් වන්නේ නෑ. එය අවස්ථානුකූලව වාසි හෝ අවාසි විය හැකියි. ඒ නිසා Trader කෙනෙක් විදිහට අවස්ථානුකූලව Cross Margin වලට සහ Isolated Margin වලට මාරු විය යුතුය.

ඔබ Cross Margin හරියාකාරව අවබෝධ කර ගත්තානම් Isolated Margin Trading වල දී සිදු වන දේ අවබෝධයක් දැනටමත් ඇති. තවදුරටත් පැහැදිලි කලොත් මෙහි එක Trade එකක් Isolated Margin Wallet එකේ ඇති මුලු මුදල් ප්‍රමාණයට බලපෑමක් වන්නේ නෑ. අපි එක් Trade එකකට යොදා ගන්නා මුදල් පමනක් අවදානමට ලක් වේ. එම Trade එක Loss වුවත් එය අනෙක් Trade වලට හෝ Isolated Margin Wallet එකේ අති මුදල් වලට කිසිදු බලපෑමක් නොවේ.

ඒ වගේම මෙම ක්‍රමයේදී අප Trade කරන්නේ Cross Margin Trading වල වාගේ තනි තනි Coin වල නොවන අතර BTC/USDT  ලෙසින් පවතින Trading Pairs වල වේ. ඉතින් අදාල Trade එකට අප යොදවන මුදල් පමණක් අවදානමට ලක් වන අතර ලාභ හෝ අලාභය එම Trading Pair එකට පමණක් බලපානු ලබයි.


Cryptocurrency එකක මිළ වැඩි වන විට Margin Trading වලින් ලාභ ගන්නා ආකාරය

එහෙනම් අපි දැන් බලමු Coin එකක මිළ වැඩි වෙද්දි Margin Trading හරහා විශාල ලාභයක් ලබන්නෙ කොහොමද කියල. කලින් කිව්වා වගේම හිතන්න ඔයා ලග USDT 100 ක් තියෙනවා කියල ඔයාගෙ Cross Margin Account එකේ. ඒ වගේම ඔයා දන්නවා ඉදිරි කාලයේ යම්කිසි Coin එකක මිල වැඩි වෙනවා කියල. ඉතින් ඔයා ඒ Coin එක ණයට ගන්නවා… නෑ ඒ Coin එක අපි ණයට ගන්නෙ නෑ. මොකද අපි ණයට ගන්න Coin එකම තමා අපි ණය අපසු ගෙවීමේදී ගෙවිය යුත්තේ. ඒ නිසා යම්කිසි Coin එකක මිළ වැඩි වෙනවා නම් අපි Borrow කරන්නේ USDT හෝ Bitcoin වේ. ඉන්පසු අපි ඒ ණයට ගත්තු USDT වලට හෝ Bitcoin වලට වලට එම මිළ වැඩි වීමට නියමිත Coin එක මිළදී ගෙන මිළ වැඩිවීමෙන් පසු එම Coin එක විකුණා දමා ලාභය අප ලග තබා ගෙන ණයට ගත් USDT හෝ Bitcoin ප්‍රමාණය අපසු ගෙවා දැමිය හැකියි. මෙතනදී අප ලබා ගන්නා ණය ප්‍රමාණයට අදාලව කුඩා පොලියක් ගෙවිය යුතු වෙනවා. ඔවුන් එය පැයකට අගයක්(Hourly Rate) ලෙස අය කර ගන්නවා. අසාන්න ලෙස පැයකට 0.001 වගේ කුඩා අගයක්. උදාහරණයක් විදිහට USDT 100 ක ණය ප්‍රමාණයට පැයකට $ 0.001 වගේ වෙන්නෙ. අන්න ඒ විදිහට තමා මේක වෙන්නෙ.

ඒ වගේම හිතන්න Bitcoin වල මිළ වැඩිවෙනවා කියල. එතකොට අපි ණයට ගත යුත්තෙ USDT යි. ඉන්පසු අපි ණයට ගත්තු USDT වලින් Bitcoin මිළදී ගන්නවා. ඉන්පසු Bitcoin වල මිළ වැඩි වීමෙන් පස්සෙ අපේ Bitcoin විකුණා දමනවා. මීලගට අපේ USDT වලින් ලබා ගත්තු ණය ගෙවා දමල අපි අපේ ලාභය ලබා ගන්නාවා. මෙන්න මේ විදිහට තමා අපි Coin එකක මිළ වැඩි වෙද්දි ලාභ උපයන්නෙ.  


Cryptocurrency එකක මිළ අඩු වන විට Margin Trading වලින් ලාභ ගන්නා ආකාරය


මෙන්න මේ කොටස ගොඩක් වැදගත් Cryptocurrency වෙළදපලේ Trade කරන බොහෙමයක් පිරිසක් සෑමවිටම බලාපොරොත්තු වන්නේ Coin වල මිල වැඩි වීමයි. මොකද ඔවුන් හිතන්නේ සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ Coin එකක මිල වැඩි වුනොත් විතරයි කියල. නමුත් සැබෑ තත්වය එහෙම නෙවෙයි. Cryptocurrency වල මිළ අඩු වෙද්දිත් හොදට සල්ලි හොයන්න පුලුවන්. අපි එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

හිතන්න මේ විදිහට A කියන Coin එකේ දැන් මිළ USDT 1 යි. අපි හිතනවා මේ Coin එකේ මිල USDT 0.50 විතර අඩු වෙයි කියලා. අපි ලග දැන් තියෙනවා USDT 100 ක් ඉතින් අපි A කියන Coin එක පස් ගුණයක්(x5) Borrow කරනවා. ඒ කියන්නෙ අපිට මේ A කියන Coin එකෙන් 500 ක් මිළදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමා දැන් අපි මේ A කියන Coin එකෙන් Coin 500 ක් Binance එකට ණයයි. දැන් අපි අප මිළදී ගත් මේ A කියන Coin 500 ම විකුණල USDT කරගන්නවා. දැන් අපි ලග USDT 500 ක් තියෙනවා. ඒ වගේම මේ A කියන Coin එකෙන් Coin 500 ක් Binance එකට ණයයි. ඉතින් දැන් අපි හිතන් සිටි ආකාරයටම ටිකෙන් ටික මේ A කියන Coin එකේ මිළ අඩු වෙලා මිළ USDT 0.50 ට අඩු වෙනවා. ඔන්න දැන් අපි ණය බේරන්නයි යන්නෙ. අපි දැන් නැවත A කියන Coin එකෙන් Coin 500 මිළදී ගන්නවා. නමුත් අපිට ඒ සදහා වියදම් වෙන්නේ USDT 250(0.50×500) ක් පමණයි. ඒ විදිහට A කියන Coin එකෙන් Coin 500 මිළට අරන් ආපසු ණය බේරපුවම(Repay) අපට USDT 250 ක්  ලාබයි.

මේක මේ විදිහට සරලව පැහැදිලි කලේ ඔයාලට මේ ක්‍රියාවලිය තේරුම් ගැනීමේ පහසුව සදහා වේ. ඉතින් අපි දැන් ලාභ ලබන ආකාරය ගැන හොදින් දන්නවා. ඒ වගේම අලාභ සිදු වන ආකාරය පිළිබදවත් අවබෝධයක් තිබෙනවා. ඉතින් හොදට මතක තියා ගන්න කිසි වෙලාවක අපට හරියටම කියන්න බෑ Cryptocurrency එක්ක මිළ වැඩි වෙයිද(Up) වෙයිද අඩු වෙයිද(Down) කියල. අපි සෑම විටම Cryptocurrency වෙළදපලේ තත්වය, Technical Analysis, Fundamental සහ News බලල අපි උපකල්පනයක් කරල තමා කරන්නෙ. එහෙම නැතිව හිතුනු හිතුනු වෙලාවට ඔහේ Trade කරන්නෙ නෑ. මොකද Margin Trading වලද ඔයාට පාඩුව දරා ගන්න පුලුවන් වෙන්නෙ ඇත්තටම ඔයා ලග තිබෙන මුදල් වල වටිනාකමට විතරයි. ඉතින් මේක හරියට කලේ නැත්නම් ඔයා ලග තිබෙන සල්ලිත් නැතිව යනවා.

ඒ වගේම තමා හරියට තේරුම් අරන් කලොත් සල්ලි හොදට හොයන්න පුලුවන් ක්‍රමයක් තමා Margin Trading කියන්නෙ. එහෙනම් අපි දැන් බලමු Binance එකෙන් මේ විදිහට Margin Trading කරන්නෙ කියල පියවරෙන් පියවර. ඔයාලට මුලින් Margin Trading කරන විදිහ කියල දෙන්නෙ නැතිව මුලින් මේක තුල සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කලේ ඔයාලට සෑම දෙයක්ම හරියට අවබෝධ තල යුතු නිසයි. අපි ඉහත කතා කල ලාභ ලැබිය හැකි අවස්ථා දෙකක් ගැන. දැන් අපි මේ අවස්ථා දෙක Binance තුල හරි විදිහට සිදු කරන ආකාරය පිළිවලින් කතා කරමු


    1. Bitcoin වල හෝ වෙනත් Cryptocurrency එකක මිළ වැඩි වන විට ලාභ ලබා ගැනීම
    2. Bitcoin වල හෝ වෙනත් Cryptocurrency වල මිළ අඩු වන විට ලාභ ලබා ගැනීම

ඒ වගේම තමා හරියට තේරුම් අරන් කලොත් සල්ලි හොදට හොයන්න පුලුවන් ක්‍රමයක් තමා Margin Trading කියන්නෙ. එහෙනම් අපි දැන් බලමු Binance එකෙන් මේ විදිහට Margin Trading කරන්නෙ කියල පියවරෙන් පියවර. ඔයාලට මුලින් Margin Trading කරන විදිහ කියල දෙන්නෙ නැතිව මුලින් මේක තුල සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කලේ ඔයාලට සෑම දෙයක්ම හරියට අවබෝධ කල යුතු නිසයි. 


01. Bitcoin වල හෝ වෙනත් Cryptocurrency එකක මිළ වැඩි වන විට ලාභ ලබා ගැනීම සදහා මිළ වැඩිවීමට නියමිත Coin එකක් මිළදී ගැනීම

අපි මුලින්ම බලමු කොහොමද Binance එකේ Cross Margin Wallet එකට USDT Transfer කරන ආකාරය. බලන්න ඉහල තියෙන Screenshot එක. ඒහි රතු පාටින් කොටු කරල තියෙන කොටසින් Cross ලබා දෙන්න. එහි ඔයාලට පේනවා ඇති Transfer ලෙස දක්වල තියෙන Button එකක්. මීලගට ඒ Transfer Button එක ලබා දෙන්න. 

දැන් ඔයාලට ඉහත Screenshot එකේ පරිදි දැක ගන්න පුලුවන්. දැන් අපේ USDT තියෙන්නෙ Spot Wallet  එකේ නම් From කොටසට Spot ලබා දෙනවා. එය Website එකේ දී Fiat and Spot ලෙස දැක්වේ. මීලගට To කොටසට Cross Margin ලබා දේ. එසේම පහල Coin ලෙස දක්වල තියෙන තැනට අපි Spot Wallet එකේ සිට ගෙන ඒමට බලාපොරොත්තු වන Coin එක තෝරන්න. අප මෙහිදී USDT තමා තෝරා ගෙන තිබෙන්නේ. එහෙනම් අපි USDT තමා Cross Margin එකට ගෙන එන්නේ. එහෙනම් දැන් Confirm ලබා දෙන්න.

දැන් ඔයාලට ඉහත රූපයේ පරිදි ඔයාල Tranfer කරපු USDT ටික පෙන්වනවා. දැන් අපිට පුලුවන් Borrow කරන්න. App එකේ දී නම් ඉහත රතු පටින් කොටු කරල තියෙන කොටස Click කර පහල පළමු රූපයේ පරිදි Borrow ලබා දෙන්න. ඒ වගේම Website එකේ දී නම් රතු ඊතලයෙන් දක්වා ඇති Borrow/Repay ලෙස දක්වා ඇති තැන Click කර Borrow කොටස තෝරා ගන්න. 

දැන් ඔයාලට ඉහල තියෙන දෙවන රූපයේ විදිහට App එකේදිත් තුන්වන රූපයේ විදිහට Website එකේදිත් පෙන්වනවා. මෙහිදී App එකේදී Max ලබා දීමෙන් ඔබ Cross margin Wallet එකට Transfer කරපු මුදලට අදාලව ඔබට ලබා ගත හැකි උපරිම ණය මුදල පෙන්වනවා. ඒ වගේම Website එකේදී ඉහත රූපයේ පරිදි 100% ලබා දීම හරහා ඔබට ලබා ගත හැකි උපරිම ණය මුදල පෙන්වනවා. ඒ විදිහට ඒක බලල ඔබට අවශ්‍ය මුදල ලබා දී Confim ලබා දෙන්න.

දැන් ඔයාලට ඉහත රූපයේ පරිදි ඔයාලගෙ Cross Margin Wallet එක බලාගන්න පුලුවන්. මම එහි රතු පාටින් කොටු කරල තියෙන්නෙ අපි Margin Trade කරද්දි දැඩිව අවදානය යොමු කලු යුතු කොටස් වේ. දැන් අපි ඒ කොටස් මොනවාද ඒවගෙන් මොනවද පෙන්වන්නෙ කියල තේරුම් ගමු.

Tatal Balance: ලෙස දක්වල ඇති ස්ථානයේ අපේ Margin Wallet එකේ දැන් පවතින මුලු අගය පෙන්වනවා. එය ඔබ ලග ඇත්තටම පවතින මුදලත් අප ණයට ගත්(Borrow) මුදලත් යන දෙකේම එකතුව වේ. ඒ වගේම එය Bitcoin අගයෙන්ද අපට බලා ගන්න පුලුවන්.

Tatal Debt: මේ කොටසේ පෙන්වන්නේ අප Binance එකට ඇති ණය මුදලේ අගය වේ. එයද Bitcoin වල අගයෙන්ද බලා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.

Account Equity: මේ කොටසේ පෙන්වන්නේ ඔබ ලග ඇත්තටම තිබෙන මුදල වේත ඔබ Profit ලබා ගන්නා විට මේ අගය වැඩි වන අතර Loss වන විට මෙම අගය අඩු වේ. එසේ අඩු වී මෙය 0 වූ විට ඔබගේ Cross Margin Wallet එක Liquidated වේ. ඒ වගේ වෙලාවට Liquidate එක වැලැත්වීමට නම් ඔබගේ Cross Margin Wallet එකට තවත් මුදල් එකතු කිරීම(Transfer) සිදු කල යුතු වේ.

Profit & Loss: මෙහි අපි දැනට ලබා තිබෙන Profit එක සහ Loss එක පෙන්වනු ලබයි. App එකේ උඩින් රතු පාටින් පෙන්වනේ එයයි. එහි අගයන් රතු වර්ණයෙන් පෙන්වනවා නම් Loss එකද කොළ වර්ණයෙන් පෙන්වනවානම් Profit එකද බලා ගැනීමේ හැකියාව අපට තිබෙනවා.

Risk Miter: මෙහි අපේ Wallet එක පවතින අවදනම් මට්ටම අපට සරලව පෙන්නුම් කරනවා. මෙහි කටුව රතු පැත්තට යනවා කියන්නේ අපේ Cross Margin Wallet එක පවතින්නේ අවදානම් තත්වයක බවයි. ඒ වගේම කොළ පාට පැත්තට මෙහි කටුව යනවා කියන්නේ අපේ අවදානම අඩුයි කියන එකයි.

දැන් ඔයාල දන්නවා Cross Margin එකේ ණය ගන්නා ආකාරය වගේම Wallet එකේ තොරතුරු බලා ගන්නත්. දැන් අපි Coin එකකම් මිළදී ගන්නා ආකාරය බලමු.

දැන් ඔයාලට පුලුවන් Coin එකක් Buy කරන්න. ඒ සදහා අපි තෝරාගමු Cardano කියන Coin එක. ඒ Coin එකේ Short Name එක තමා ADA කියන්නේ. App එකේදී නම් Cross Margin Wallet එකේ පහලට ගියාම ADA කියල බලාගන්න පුලුවන්. එහි ADA එක තෝරපුවම ඉහල පළමු Screenshot එකේ විදිහට බලාගන්න පුලුවන්. ඒ වගේම Website එකේදී නම් ADA ඉස්සරහින් තිබෙන Trade ලෙස දත්වා ඇති තැන Click කලාම ඉහත දෙවන රූපයේ විදිහට බලාගන්න පුලුවන්. දැන් ADA/USDT ලෙස ඇති Pair එක තෝරන්න. එවිට අපි Spot Trade එකක් කරද්දි තිබුන Interface එකම හම්බෙනවා. දැන් ඔයාලට පුල්වන් එකවර හෝ කීප වරකට ADA හරි ඔයා කැමති Cryptocurrency එකක් ඔයා Borrow කරපු මුදලට මිළදී ගන්න. Coin එකක් මිළදී ගන්නා ආකාරය ඔයාල ඉගෙන ගත්තා Spot Trading Tutorial එකේදී. ඔයා තාමත් ඒක බලල නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්න. බලාපොරොත්තු වූ පරිදි ඔයා මිළදී ගන්නා Cryptocurrency එකේ මිල වැඩි වීමෙන් පසුව ඔබට Coin එක විකුණා දමා ඔයාට ලාභ ලබන්න පුලුවන්.

ණය ගෙවා දැමීම(Repay): අපි දැන් බලමු අපි ලබා ගත් ණය කෙහොමද ගෙවා දමන්නෙ කියල. අපි මිළදී ගත් Coin එක විකුණා ලාභ ලබා ගැනීමෙන් පසු අපි ණයට ගත් USDT ටික නැවත ගෙවා දැමිය යුතුයි. ඒ සදහා App එකේදී නම් පහත Corss Margin Wallet එකේ Repay තෝරා USDT තෝරා ගන්න. තෝරා එහි Repay තෝරන්න. ඒ වගේම Website එකේදී නම් Borrow/Repay ලබා දෙන්න. එහිද Reapay කොටස තෝරන්න. ඉන්පසුව පහත Creenshot එකේ විදිහට ඔයාලට බලා ගන්න පුලුවන්.

දැන් ඉහත රූපයේ රතු ඊතලයෙන් Max ලෙස Binance App එකෙත් 100% ලෙසින් Website එකෙත් දක්වල තිබෙනවා. අපට ඒ විදිහට Max සහ 100% ලෙස ලබා දී Confirm ලබා දෙන්න. ඒ විදිහට ඔබ ණයට ගත් සම්පූර්ණ මුදල අපට Binance එකට ආපසු ගෙවා දමන්න පුලුවන්. ඒ වගේම ඔබට කැමති ප්‍රමාණයක් ගෙවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔයාගෙ ලාභය ඉතිරි වෙනාවා. එය නැවත ඔබට Spot Wallet එකට Transfer කර ගන්න පුලුවන්. 



02. Bitcoin වල හෝ වෙනත් Cryptocurrency එකක අඩු වන විට ලාභ ලබා ගැනීම සදහා මිළ අඩු වීමට නියමිත Coin එකක් මිළදී ගැනීම

අපි මේක වෙන ආකරය ගැන කලින් කතා කලා. ඒ නිසා මේ ගැන ආයෙත් වරක් මම පැහැදිලි කරන්න යන්නෙ නෑ නමුත් කරන විදිහ නැවත වරක් කියන්නම්. හිතන්න ADA කියන Coin එක මිළ අඩු වෙන්න යන්නෙ කියල. ඉතින් කලින් කිව්වා වගේම අපි Borrow කරන්නේ USDT නොවේ ඒ වෙනුවට මිළ අඩු වීමට නියමිත Cryptocurrency එක තමා අපි Borrow කරන්නෙ. මේ සදහා අපි කලින් USDT ණයට ගත් විදිහටම ADA නැමති Coin එක Borrow කරන කරනවා. එසේ Borrow කරීමෙන් අනතුරුව අපි සියලු ADA ටික USDT වලට විකුණා දමනවා. විකිණීමෙන් අනතුරුව ADA Coin එකේ මිළ අඩු වීමෙන් පසු,  නැවත අඩු මිළට ADA මිළදී ගෙන Repay කර අපේ ලාභය ලබා ගත හැකියි.

ඉතින් ලොකු ලිපියක් ලියල අවසන් කරන්නයි යන්නෙ. සෑම පොඩි දෙයක්ම සරලව පැහැදිලි කරල තියෙන්නෙ කරන දේ හරියටම තේරම් කරන්න අවශ්‍ය නිසා. මේ කියපු දෙයක් තේරුණේ  නැත්නම් අයෙත් පාරක් කියල දෙන්නම් එහෙනම් අපි මේ ලිපි පෙලේ වැදගත්ම ලිපියට තමා මීලගට යන්න යන්නේ. අපට අති විශාල ලාභයක් ලබා ගත හැකි වගේම Binance වල ජනප්‍රියම Trading ක්‍රමය ගැන තමා අපි මීලගට කතා කරන්නේ ඒ තමා “Futures Trading” මේ කිව්ව Futures Trading කරන්න ඔයාට නම් ඔයාට Spot Trading වගේම මේ ලිපිය හරහා කතා කල Margin Trading ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම Cryptocurrency Market එක ගැන ඉතා හොද දැණුමත් අනිවාරයයි. අපිට ඒ ටික තිබෙනවා නම් “Binance Futures Trading” වලින් සල්ලි මවන්න පුලුවන්. එහෙනම් අපි මීලගට බලමු මේ Futures Trading ගැන.