94702542571 support@elearnlions.com

How to Register Binance

 

ඔන්න එහෙනම් අපි වැඩ පටන් ගන්නයි යන්නේ. මුලින්ම අපි Binance එකේ Register වෙන්න අවශ්‍ය වෙනවා. ඔයාල මේ කියන පිලිවලටම පියවරෙන් පියවර වැඩේ කරගත්තොත් 20% ක Binance Offer එක අරගන්න ඔයාලට පුලුවන්. මෙතනදි මම ඔයාලට Smartphone එකෙන් සහ Computer එකකින් යන දෙකෙන්ම හරි විදිහට Register වෙන හැටි කියල දෙනවා. එහෙනම් පහල තියෙන “Register Binance” කියල තියෙන Button එක Click කරල Binance එකට යන්න.

Register Binance

මෙතනදි ඔයාලට පුලුවන් ඔයාලගෙ Phone Number එක හරහා හෝ Email එක පාවිචිචි කරල Register වෙන්න. පලවෙනි Screenshot එකේ ඊතල දෙකෙන් ඔයාලට තෝරා ගන්න පුලුවන් ඔයාල මොන ක්‍රමයටද රෙජිස්ටර් වෙන්න කැමති කියන එක. ඒ දෙකෙන් කැමති එකක් ඉස්සල්ල තෝර ගන්න. ඔයාල Email එක හරහා Register වෙනවා නම් ඔයාලගෙ Email එක Email එක ලෙස සදහන් කර ඇති කොටසට ලබා දෙන්න. Phone Number එකෙන් Register වෙනවා නම් දෙවන Screenshot එකේ පලමු ඊතලයෙන් දක්වා ඇති කොටසට ඔයාලගෙ Phone Number එක අයිති රට ලබා දී දෙවන ඊතලයෙන් දක්වා ඇති කොටසට ඔයාගෙ Phone Number එක ලබා දෙන්න. 

ශ්‍රී ලංකාව හැර වෙනත් රටක ජීවත් වෙනවා නම් එම රට තෝරා එම රටේ Phone Number එක ලබා දෙන්න. Password එක ලෙස දක්වා ඇති කොටසට  හොද Password එකක් ලබා දෙන්න. Password එක අඩුම තරමින් එක Number එකක්, එක් Capital අකුරක් ඇතුලුව අංක සහ අකුරු 8 කට නොඅඩු ශක්තිමත් Password එකක් විය යුතුයි. ඔයාගෙ නමයි උපන් දිනේ වගේ ඒවා නම් දාන්න එපා. මේ ටික හරියට කර ගත්තා නම් දැන්  Create Account ලබා දෙන්න. එහෙනම් අපි මීලග කොටසට යමු.

දැන් කලින් කිව්ව විදිහට කලා නම් ඔයාලට 4 වෙනි Screenshot එකේ විදිහට Message එකක් පෙන්නයි. මෙතනදි ඔයාල ලබා දුන්න Phone Number එකට හරි Email එකට හරි අංක 6 ක් සහිත Code එකක් ඇවිත් ඇති. ඒ Code එක මෙතනට ලබා දෙන්න. 

මීලගට 5 වෙනි Screenshot එකේ විදිහට එනවා. මෙතන කියන්නෙ අපේ Acoount එකේ ආරක්ෂාවට Email එකකුත් Add කරන්න කියල. ඔයාල Phone එකෙන් Register වුනා නම් Email එකක් Add කරන ලෙසත්, Email එකෙන් Register වුනා නම් Phone Number එකක් Add කරන්න කියල තමා මෙතන කියන්නෙ. එහෙමත් නැත්නම් ඔයාලට පුලුවන් Play Store එකෙන් හරි App Store එකෙන් හරි Google Authentictor App එක Download කරගෙන 5 වෙනි Screenshot එකේ දෙවෙනි Option එක විදිහට තියෙන Google Verification එක කර ගන්න. මේ දෙකෙන් කැමති එකක් කරගන්න. ඒක ඔයාලගෙ Account එකේ ආරක්ෂාවට ගොඩක් හොදයි. 

දැන් අපි Register එක කරගෙන ඉවරයි. Phone එකෙන් Trade කරන අය Binance App එක Download කර ගන්න වෙනවා. Binance App එක Play Store එකේ වගේම Apple App Store එකෙන් Download කර ගන්න පුලුවන්. ඔය දෙකෙන් එකකට ගිහින් උඩ 6 වන Screenshot එකේ විදිහට Binance කියල Search කරල Binance App එක Download කරගෙන Open කර ගන්න.

App එක Open කර ගත්තම 7 වෙනි Screenshot එක ආකාරයට පෙන්වනවා. එහි ඊතලයෙන් පෙන්නල තියෙන Log In ලබා දෙන්න. ඉන්පසු ඔයාල Binance Account එක හදද්දි ලබා දුන් Email එක සහ Password එක ලබා දෙන්න. ඔබ Binance Account එක හැදුවෙ Phone Number යොදා ගෙන නම් 8 වන Screenshot උඩ ඊතලය මගින් පෙන්නල තියෙන Log in with mobile ලබා දෙන්න. එසේ ලබා දී Phone Number එක සහ Password එක ලබා දී පහල දක්වා අති ඊතලය ලබා දෙන්න. එසේ ලබා දුන් විට එන ආරක්ෂක ක්‍රම තහවුරු කරන්න. මේ විදිහට ඔබට Binance Account එකට Log වෙන්න පුලුවන්.

ඒ වාගේම තමා අපේ Binance Account එකේ ආරක්ෂාව සදහා අපි Binance Account එක Verify කර ගත යුතු වෙනවා. එයද අනිවාර්යෙන් කල යුතු දෙයක්. ඒ සදහා මෙතන Click කර ඒ ලිපිය බලන්න.

App එකට Log වීමෙන් පසු ඔබට 9 වන රූපයේ ලෙසට පෙන්වනවා. එහි වම් පස ඉහල ඊතලයෙන් දක්වා අති Icon එක Click කරන්න. ඉන්පසු ලැබෙන Settings යටතේ ඇති Binance Lite ලෙස ඇති Option එක On වී ඇත්නම් එය පහල ඊතලයෙන් දක්වා ඇති Option එකෙන්  OFF කර දමන්න. මොකද මේක On කලාම අපට Trade කරන්න අවශ්‍ය ගොඩක් තොරතුරු පෙන්වන්නෙ නැතිව යනවා. ඒ නිසා මේ Option එක Off කරනවා නම් වඩාත් හොදයි.

අපි මීලගට Binance Interface එක හදුනා ගැනීම සහ Bitcoin හෝ වෙනත් Cryptocurrency එකක් මිළදී ගන්නා ආකාරය පිළබදව තමා කතා කරන්න යන්නෙ. මෙහිදී ඔබ Invest කරන කෙනක්ද නැතිනම් Trade කරන කෙනෙක්ද කියන ආකාරය අනුව මෙහිදී ලිපි දෙකක් අප සකසා තිබෙනවා.

Invest කරන කෙනෙක් කියන්නෙ ඔබ Cryptocurrency එකක් මිලදී ගැනීමෙන් පසු සැලකිය යුතු කාලයක් ඒවා තබා ගෙන මිළ වැඩි වීමෙන් පසු පමණක් විකීණිම සිදු කරන කෙනෙක් විදිහට සරලව හදුනා ගන්න පුලුවන්. මෙහිදී අවදානම අඩු අතර අධික ලාභ සහිතව විකිණීම සදහා මිළ වැඩි වන කෙක්  ඉවසීමෙන් බලා සිට අදාල අවස්ථාවේදී තමාගේ Coin විකුණා දැමීම සිදු කරයි.

Trader කෙනක් කියන්නෙ කුඩා කාල පරාසයන් තුල මිළදී ගැනීම් සහ විකිනීම් සිදු කර ගනිමින් ලාභ ලබන කෙනෙක්ට. මොවුන් Day Traders ල විදිහටත් හදුන්වනවා. මෙහිදී අවදානම වැඩි අතර Cryptocurrency වෙළදපල සහ ඒවායේ තාක්ෂණය, Technical Analysis පිලිබදව එදිනෙදා අවදානය යෙමු කල යුතු වෙනවා.

ඉතින් ඔබ Invester කෙනෙක් නම් මීලගට Bitcoin හෝ වෙනත් Cryptocurrency එකක් මිළදී ගැනීම සිදු කරන්න පුලුවන්. ඒ වගේම Trader කෙනක් විදිහට ඉගෙන ගන්න කැමති කෙනක් විදිහට කව දුරටත් වෙළදපළ පිළිබදව සහ අනෙක් තාක්ෂනික දේවල් පිළබදව ඉගෙන ගන්නත් පුලුවන්.