94702542571 support@elearnlions.com

Binance Spot Trading Tutorial

 

ඔන්න එහෙනම් අපි දැන් ඉන්නෙ මේ Tutorial වල වැදගත්ම කොටසක. ඒ ඇයි කියල පැහැදිලි කරනවා නම්, අපි දැන් තමා හරි විදිහට Coin එකක් මිළදී ගන්න යන්නෙ. ඔයාල තාමත් Binance එකේ හරි විදිහට Register වෙලා නැත්නම් මුලින්ම මෙතනින් ගිහින් Register වෙලා USDT මිලදී ගන්නා ආකාරය බලල එන්න. හරි මෙතනදිත් මම ඔයාලට මේක Smart Phone එකකින් වගේම Computer එකෙන් කරන විදිහ පැහැදිලිව කියල දෙනවා. මේ ලිපියේ පහල Screenshots වල පළමු කොටසේ පෙන්වන්නේ Binance App එකේ වන අතර දෙවන කොටසේ පෙන්වන්නේ Binance Web Site එකට අදාල Screenshot එක වේ. මේ විදිහට පෙන්වන්නේ නැත්නම් App එකේ පහල Navigation Menu එකේ Home දුන් විට මේ විදිහට පෙන්වනවා. Binance Website එකේ මේ විදිහට පෙන්වන්නෙ නැත්නම් වම් පැත්තෙ උඩ Binance Logo එක Click කරීමෙන් මේ විදිහට Binance Website එකේ මුල් පිටුවට එන්න ඔබට පුලුවන්.

ගොඩක් වෙලාවට App එකේ සහ Website එකේ Home Page එකේ  Cryptocurrency වෙළදපලේ විවිධ තොරතුරු, වෙළද දැන්වීම් වගේ දේ අඩංගු කර තිබෙනවා. මෙම ලිපිය ආවසානයේ මෙම දක්වා ඇති තොරතුරු නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔබ Investor කෙනෙක් වුනත් Trader කෙනෙක් වුනත් මේ තොරතුරු අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත්. ඒ නිසා මෙම ලිපිය අවසාන වන තුරු දිගටම කියවන්න.

මුලින්ම අපි සියලු Cryptocurrency වල තොරතුරු බලන්න යන්නෙ නැතිව එක් Cryptocurrency එකක තොරතුරු නිවැරදිව බලා ගන්නා ආරය අපි මුලින් කතා කරමු. ඒ සදහා පහත Screenshot දක්වා ඇති පරිදි App එකේ හෝ Website එකේ Markets ලබා දෙන්න. මීලගට Spot(Website එකේ නම් Spot Market) ලබා දෙන්න. ඉන්පසුව ඔයාලට මම පහල Screenshot වල සදහන් කරල තියෙන විදිහට Fiat(Website එකේ නම් Fiat Market) ද මීලගට USDT යන ලෙසින් ලබා දෙන්න. කලින් ලිපියේ විදිහට කලා නම් දැන් ඔයාල ලග තියෙන්නෙ USDT ඉතින් අපි මෙහිදී USDT තෝරගත්තම අපට USDT වලින් ගෙවල මිලදී ගන්න පුලුවන් Coin ටික තමා මේ පෙන්වන්නෙ.

දැන් ඔයාලට ඉහල Screenshot දෙකේම කොටු කරල පෙන්වල තියෙන BTC/USDT පේනවා ඇති. ඒ විදිහට පේන්නෙ නැත්නම් උඩ තියෙන Search Box එකේ BTC කියල Search කරන්න. BTC කියන්නෙ Bitcoin වල වල Short Name එක. අපි මේ මිළදී ගන්න සෑම Coin එකක්ම Binance එකේ පෙන්වන්නෙ Short Name වලින්. දැන් මේ විදිහට කොටු කරල තියෙන BTC/USDT උඩ Click කරන්න. එතකොට පහතින් ඇති Screenshot එකේ විදිහට Page එකක් Open වෙනවා. ඉතින් දැන් තමා පහැදිලි කරගන්න අවශ්‍ය කරන ගොඩාක් කරුණු තියෙන්නෙ. 

Binance Trading Interface – Trade කිරීමට පෙර Binance හි තොරතුරු තේරුම් ගනිමු.

අපි දැන් එකින් එක පැහැදිලි කර ගමු මේ තොරතුරු මොනවාද කියල. බැලූ බැල්මට පේනවා ඇති උඩ රූපයේ Binance App එකට වඩා Website එකේ තොරතුරු වැඩියි වගේ. නමුත් එහෙම නෑ App එකෙක් ඒ සියලුම තොරතුරු අඩංගු වෙනවා. උඩ රූපයේ නිල් පැහැති අංක වලින් දක්වා ඇති කොටස් වල තොරතුරු අපි පිලිවලින් කතා කරමු. අපි දැන් තෝරාගෙන තිබෙන්නේ Bitcoin(BTC) නිසා අපි මේ සිලුම දේ පැහැදිලි කරන්නේ බිට්කොයින් වලට අදාලව වේ.

අංක 1 කොටස

මේ කොටසේ ලෙකු ඉලක්කමෙන් දක්වා ඇත්තේ අපි තෝරගෙන ඇති Coin එකේ දැන් පවතින මිල වේ. මෙය සෑම විටම අඩු වැඩි වෙමින් අලුත්ම මිල අපට සෑම විටම පෙන්වයි. ඒ වගේම මේ කොටසේ ප්‍රතිශතයක් ලෙසින් දක්වා තිබෙන්නේ පසුගිය පැය 24 තුල මෙම Coin එකේ මිල වෙනස් වීම වේ. Website එකේදී නම් එය Dollar අගයෙන්ද පෙන්නල තිබෙනවා.

අංක 2 කොටස

ඔයාලට මේ කොටසෙදි තොරතුරු හතරක් දැක ගන්න පුලුවන්. එහි පලමුව දක්වල තියෙන්නෙ High ලෙස දක්වල තිබෙනවා. Website එකේදි නම් 24h High ලෙස දක්වල තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ පසුගිය පැය 24 තුලදී බිටිකොයින් වාර්ථාකරන ලද වැඩිම මිල සදහන් වෙනවා. ඒ වගේම Low ලෙස සදහන් වන්නේ අදහස් කරන්නේ පසුගිය පැය 24 තුලදී බිටිකොයින් වාර්ථාකරන ලද අඩුම මිල වේ. Vol(BTC) ලෙස සදහන් වන්නේ පසුගිය පැය 24 තුලදී Bitcoin කොපමන ප්‍රමාණයක් මීලදී ගැනීම් සහ විකිණීම් සිදු වූවාද යන්නයි. සරලව කිවිවොත් පසුගිය පැය 24 තුල හුවමාරු වූ මුලු බිට්කොයින් ප්‍රමාණය වේ. එය Binance Website එකේ 24h Volume(BTC) ලෙස දක්වලා තියෙනවා. මීලගට Vol(USDT) ලෙස දක්වා තිබෙන්නේ හුවමාරු වූ මුලු බිට්කොයින් ප්‍රමාණයේ USDT වල අගය වේ. 

අංක 3 කොටස

අපි Coin එකක් මිළදී ගැනීමක් කිරීමට කලින් වැඩි අවදානයක් යොමු කරන කොටසක් තමයි මේ Chart එක. අපට මෙමගින් Coin එකක මිළ සහ එහි වෙනස්වීම් පිළිබදව ඉතා හොද අදහසක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබට එහි කොළ සහ රතු පාට වර්ණයෙන්ගෙන් මිළ වෙනස්වීම් සංකේතවත් කර තිබෙනවා. අපි මේ ආකරයේ Chart හදුන්වන්නේ Candlestick Chart එකක් ලෙසයි. ඒ වගේම මෙම රතු සහ කොළ වර්ණයෙන් නිරූපනය කරන කොටස් හදුවන්නේ Candlestick ලෙසයි. ඉතින් මේ Candlestick මගින් විවිධ රටා නිර්මාණය කරමින් තමා යම්කිසි Coin එකක මිල වෙනස් වන්නේ. ඉතින් මේ විදිහට Candlestick වලින් ඇති වන රටාවන් අපි Candlestick Chart Pattern ලෙසින් හදුන්වනවා. ඒ වගේම තමා මේ Candlestick Chart සහ Candlestick Chart Pattern යොදාගෙන අපට අනාගතයේ මිල වෙනස්වීම කුමණ ආකාරයට වෙනස් වේද යන්න පිළිබදව දල අදහසක්(Price Prediction) ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් ඒ ආකාරයෙන් Candlestick Chart Pattern යොදාගෙන මිල වෙනස් වීම පිලිබද   Prediction කිරීම අපි Technical Analysis(TA) කිරීම ලෙසින් හදුන්වනවා. ඉතින් Trader කෙනෙක් විදිහට මේ Technical Analysis ඉගෙනගැනීම අතිශයින් වැදගත්.

අංක 4 සහ 5 කොටස

මෙම කොටස් වල පෙන්වන්නේ Bitcoin  මිළදී ගැනීමට සහ විකිණීමට බලා සිටින Buyers ලාගේ සහ Sellers ලාගේ Buy Orders සහ Sell Orders List එක වේ. තවදුරටත් පැහැදිලි කලොත් 4 වන කොටසේ තිබෙන්නේ පවතින මිලට වඩා අඩුවෙන් Bitcoin මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් Buy Orders දමා තිබෙන Buyers ලාගේ Buy Orders වේ. ඒ වගේම 5 වන කොටසේ තිබෙන්නේ පවතින මිලට වඩා වැඩියෙන් Bitcoin විකිණීමට බලාපොරොත්තුවෙන් Sell Orders දමා තිබෙන Sellers ලාගේ Sell Orders වේ.

මේ විදිහට Buy Orders සහ Sell Orders දමන ආකාරය ඉදිරියෙදී අපි කතා කරනවා.

අංක 6 කොටස

හය වන කොටසේ පෙන්වන්නේ BTC හැර අනෙක් Coin වල තොරතුරු අපට බලන්න පුලුවන්. Binance App එකේ ඉහලම තියෙන BTC/USDT ලෙස සදහන් කරල තියෙන තැන touch කරපුවම Website එකේ ලෙසටම අනෙක් Coin වල තොරතුරු බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

අංක 7 කොටස

මේ කොටසේ දී Bitcoin වල සිදු වූ සීයලුම මිලදී ගැනීම් සහ විකිණීම් වල තොරතුරු පෙන්වනවා. අපි දැන් තෝරාගෙන තිබෙන කොයින් එකට අදාලව තමා අපි කතා කල සියලුම කොටස් වල තොරතුරු පෙන්වන්නේ. අපි වෙනත් Coin එකක් තේරුවොත් ඒ Coin එකට අදාලව තමා මේ තොරතුරු පෙන්වන්නේ. ඔයාල දැන් Binance එක හරහා Cryptocurrency එකක සාමාන්‍ය තොරතුරු බලන්න දන්නවා. මීට අමතරව සලකා බැලිය යුතු කරුණු ඉදිරි ලිපි වලින් අපි කතා කරමු. එහෙනම් අපි දැන් බලමු කොහොමද Bitcoin හරි වෙනත් කොයින් එකක් මිළදී ගන්නා ආකාරය. ඔබ App එක හරහා Coin මිළදී ගන්නවා නම් ඉහත ඇති Screenshot එකේ පහල තියෙන Buy Button එක ලබා දෙන්න. ඉන්පසුව ඔබට පහල පළමු Screenshot එකේ විදිහට දැක ගන්න පුලුවන්. 

ඔයාලට උඩ තියෙන Screenshot වල පේනවා ඇති රතු පාට කොටුවකින් කොටු කරල තියෙන තැන අන්න එතන පෙන්වනවා අපි ලග තියෙන USDT ප්‍රමාණය. මම ඔයාලට පෙන්වන්න 38USDT මිළට අරගෙන තිබෙනවා මුලින්. ඒ වගේම මම App එකේ වගේම Website එකේ රතු පාට ඊතලය මගින් පෙන්වල තියෙනවා Limit ලෙස සදහන් කරල තියෙන කොටසක්. App එකේ ඒක Touch කලාම Website එකේ පෙන්වල තියෙනවා වගේම Limit, Market, Stop Limit ලෙස පෙන්වනවා. එහි Limit ලබා දෙන්න. Website එකෙත් ඒ විදිහටම Limit ලබා දෙන්න. ඉදිරියෙදි අපි අනෙක් Option ගැනත් කතා කරන නිසා ඔයාලට ඒ පිලිබදවත් දැනගන්න පුලුවන්. මුලින්ම මම Limit Order එකකින් Coin එකක් Buy කරන විදිහ බලමු.

Cryptocurrency මිලදී ගන්නා ආකාරය පියවරෙන් පියවර

අපි මේ කොටසේදී බලමු මේ Limit Order එකක් හරහා Bitcoin මිලදී ගන්නා නිවැරදි ආකාරය. ඔයාල කලින් කිව්ව ආකාරයට සැකසීම් ටික කරල ඉවර වුනා නම් දැන් ඔයාලට උඩ රූපයේ විදිහට පෙන්වනවා. එහි Bitcoin වල වර්ථමාන මිල ඔයාලට පෙන්වනවා ඉහලම කොටසේදී. නමුත් හිතන්න ඔයාල කැමති Bitcoin වල මිල 30,000 ට ආවම ඒ වෙලාවට මිලදී ගන්න කියල. එහෙනම් ඔයාල එතන සදහන් කරන්න ඕනා නැත්නම් එහි Type කරන්න ඕනා 30,000 ලෙසින්. සරලව කිව්වෙත් ඔයාල Bitcoin මිළදී ගන්න කැමති Price එක තමා එහි Type කරන්නෙ. මීළගට Amount(BTC) ,ලෙස තිබෙනවා එහි අපට පුලුවන් අපි මිලදී ගනීමට කැමති Bitcoin ප්‍රමාණය සදහන් කරන්න.  එහෙහ Type කලාම Total(USDT) කියල තියෙන තැනට ඒ සදහා අපට වියදම් කිරීමට සිදුවන USDT පුමාණය Automatically Calculate වෙලා එනවා. නමුත් අපට පුලුවන් Amount(BTC)  ලෙස ඇති තැන තිසිවක් සදහන් කරන්නේ නැතිව කෙලින්ම අප USDT කීයක BTC මිළදී ගන්නවාද යන්න Total USDT ලෙස ඇති තැන Type කරන්න. උදාහරනයක් විදිහට අපෙගේ Account එකේ USDT 100 ක් තිබෙනවා නම්, අපි USDT 100 ක Bitcoin Buy කරනවා නම්, අපි Total USDT ලෙස ඇති තැන 100 ලෙස Type කරනවා. එතකොට Amount(BTC)  ලෙස ඇති තැනට අපට USDT 100 කට මිළදී ගත හැකි Bitcoin ප්‍රමාණය Amount(BTC) ලෙස ඇති තැනට Automatically Calculate වෙලා එනවා. මේ විදිහට ඔයාල මිළදී ගන්න කැමති මිල සහ කොපමණ USDT ප්‍රමාණයක මිළදී ගන්නවාද යන්න සටහන් කලාම ඔයාලට පහත Screenshot එකේ විදිහට බලා ගන්න පුලුවන්. 

දැන් අපි පහල කොල පාටින් ඇති Buy BTC ලබා දෙන්න ඕනා. එතකොට ඔබ මිළදී ගැනීමට ලබා දුන් අගයට BTC මිල පැමිනෙන තෙක් Buy Order එකක් Create වේ. එය අපි කලින් 4 වන කොටසේ කතා කල ආකාරයට පවතින මිලට වඩා අඩුවෙන් Bitcoin මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න Buy Orders දමා තිබෙන Buyers ලාගේ Buy Orders List එකට ඔබගේ Order එකද එකතු වේ. අන්න ඒ විදිහට තමා Buy Order එකක් හැදෙන්නෙ. ඒ විදිහට හැදෙන Buy Order එක ඔයාලට පහල Screenshot එකේ විදිහට බලාගන්න පුලුවන්. ඉතින් කිසියම් අවස්ථාවක Bitcoin වල මිල ඔබ ලබා දුන් මිලට පැමිනි විට ඔබේ Order එක සම්පූර්ණ(Order Fill) වී Bitcoin Buy වේ.

මීලගට අපි කතාකරන්නේ දැනට පවතින මිලටම එකවර Bitcoin මිළදී ගන්නා ආකාරය පිලිබදවයි. මෙතනදි තමා අපිට Market Order යොදාගන්නේ. අපි කලින් දැම්මෙ Limit Order එකක්. දැන් අපි දාන්න යන්නෙ Market Order එකක්. Market Order එකක් දාද්දි කලින් වගේ Buy Order එකක් හැදෙන්නෙ නෑ අඩුම ගානට Bitcoin විකුණන්න ඉන්න කෙනාගෙන් Bitcoin අරන් අපේ Order එක Fill වෙනවා. කලින් ආකාරයටම Limit වෙනුවට Market තමා මෙතනදි දෙන්නෙ පහල Screenshot එකේ විදිහට.  

මෙතනදි අපි කෙලින්ම අපි USDT කීයක BTC මිළදී ගන්නවාද යන්න Total USDT ලෙස ඇති තැන Type කරල Buy BTC ලබා දෙනවා. එවිට මම කලින් කිව්ව විදිහට අඩුම ගානට Bitcoin විකුණන්න ඉන්න කෙනාගෙ Sell Order එකෙන් හෝ කිහිපයකින්  Bitcoin අරන් අපේ Order එක Fill වෙනවා. ඉතින් මේ විදිහට තමා Cryptocurrency Exchange එකක වැඩ වෙන්නෙ. ඉතින් මේ කියල දුන්න විදිහට දැන් ඔයාලට අනෙක් Cryptocurrency සියල්ලක්ම මිලට ගන්න පුලුවන්. දැන් ඔයාල කරන විදිහ දන්නවා. අපට තව කතා තරන්න ඉතිරි වෙලා තියෙනවා Stop Limit Order දාමන්නෙ කොහොමද කියන එක. මම ඒක වෙනම ලිපියකින් කතා කරනවා. ඒක මම මේ ලිපියේ අවසානයේ යටින් දමන්නම්. ඒ වගේම අපි මීලග ලිපියෙදි කතා කරනවා Binance වල තවත් Trading Method එකක් වෙන Margin Trading කරන විදිහ ගැන අපි මීළගට කතා කරමු.