94702542571 support@elearnlions.com

Binance Account Verify Sinhala – නිවැරදිව Binance Account එක Verify කර ගමු.

 

ඔයාල හැමෝම මේ වෙනකොට Binance එකේ Account එකක් හදාගෙන ඉවර ඇති. තවමත් ඔයාල Binance Account එකක් හදාගෙන නැත්නම් How To Register Binance කියන ලිපිය කියවල Account එකක් හදාගන්න.හොදයි Account එක හදාගෙන Email එක Verification කරගත්තට පස්සෙ ඔයාලට එන ඊලග අභියෝගය තමයි Personal Verification එක කරගන්න විදිහ.ගොඩක් දෙනෙක් මේ ගැන අහල තිබුන නිසා කොහොමද පහසුවෙන් Personal Verification කරගන්නෙ කියල මේ ලිපියෙන් ඔයාලට පියවරෙන් පියවරට විස්තර කරනවා. ඉතින් අපි බලමු Mobile App එකේ සහ Desktop හෝ Laptop එකේ කොහොමද Verification කරගන්නෙ කියල. 

Binance තුල ඉතාමත් හොද Security System එකක් ක්‍රියාත්මක ඒ නිසා ඔයාලට Verification කීපයක්ම කරන්න වෙනවා ඔයාල මුලින්ම Email එක Verification කලාට පස්සේ Binance එකේ Screen එක පහල තියෙන විදිහට තමයි අපට දකින්න පුලුවන් වෙන්නේ

 

 

හොදයි උඩ තියෙන Image එකේ අංක 1 විදියට පෙන්වලා තියෙන්නෙ Mobile App එකේ පේන විදිහ ඒ වගේම තමයි අංක 2 විදිහට පෙන්වලා තියෙන්නේ Desktop එකේ පේන විදිහ ඉතින් ඔයාලගෙ පහසුවට මම මේ විදිහට අංක දෙකෙන්ම දානවා. හරි එහෙමනම් අපි දිගටම Verification Process එක කරගෙන යමු. මුලින්ම ඔයාල Mobile App එකේනම් Verify Account ලෙස සහ Desktop එකේ Get Verified කියල තියෙන කහ පාට Button එක උඩ Click කරන්න. එතකොට ඔයාට පහල තියෙන Image එකේ විදිහට  Window එකක් Open වෙයි 

 

 

මෙතනදී අපෙන් අහන්නේ අපේ Country/Region එක. ඔයාට මෙතනදී ශ්‍රී ලංකාව විදිහට තෝරන්න ඔයා ඉන්නෙ වෙන රටකනම් අදාල රට තෝරන්න ඊට පස්සෙ Start Button එක Click කරන්න. දැන් පහලින් පේනව වගේ Window එකකට ඔයාව අරගෙන යයි.

 

 

මෙතනදී සිදුවෙන්නේ Basic Verification කියන කොටස මෙතනට ඔයාලගෙ නම සහ උපන් දිනය දෙන්න ඕනා මතක ඇතුව ඔයාලගෙ ඇත්තම තොරතුරු දෙන්න.ඊට පස්සේ Confirm කියන Button එක Click කරන්න ඊලගට  Basic Verification වල දෙවනි කොටසට ඔයාව අරගෙන යයි.

 

 

මෙතනදී ඔයාලගෙන් අහන්නේ ලිපිනය නගරය සහ Postal Code එක මේ ටිකත් හරියට පුරවලා Continue කියන Button එක Click කරන්න. දැන් ඔයාලගෙ Basic Verification එක Complete කියල මේ විදිහට පෙනෙයි.

 

 

Mobile App එකේ අංක 1 විදිහටත් Desktop එකේ විදිහටත් තමයි පෙන්වන්නේ මෙතනදී ඔයා Mobile App එකේ නම් Back To Homepage කියන එක Click කරලා Back වෙන්න ඔනා Desktop එකේ නම් Continue Button එක Click කරලා ඉදිරියට යන්න පුලුවන්.

 

 

හොදයි මම කලින් ඔයාලට කියපු විදිහට Mobile App එකේ Back උනාම උඩ Imege එකේ අංක 1 පෙන්වල තියෙන Screen එකට ඔයාලව අරගෙන යනවා එතන රතු පාටින් Mark කරල තියෙන තැන Click කරන්න එතකොට ඔයාලට අංක 2 න් පෙන්වල තියෙන Screen එක ලැබෙයි එතන Email Address එකත් එක්ක පෙන්වන Verify කියන තැන Click කරන්න.දැන් ඔයාලට අංක 3 න් පෙන්වල තියෙන Screen එක ලැබෙයි එතන රතු පාටින් Mark කරල තියෙන තැන Slide කරල මැදට ගන්න එතකොට ඔයාලට  Intermediate කියල දකින්න ලැබෙයි.Mobile app එකේ වගේම කලින් Image එකේ Desktop එකේ Government Id කියන එක තෝරන්න ඔයා කැමති නම් අනිත් Method දෙකෙන් එකක් උනත් තෝරන්න පුලුවන් නමුත් Government Id Method එක පහසු නිසා මම ඒක තෝරගන්නවා. ඊ ලගට පහලින් තියෙන Verify Now Button එක Click කරන්න.එතකොට ඔයාට පහල තියෙන Image එකේ විදිහට දකින්න පුලුවන්.

 

 

උඩ තියෙන Image එකේ අංක 1 විදියට පෙන්වලා තියෙන්නෙ Mobile App එකේ පේන විදිහ ඒ වගේම තමයි අංක 2 විදිහට පෙන්වලා තියෙන්නේ Desktop එකේ පේන විදිහ. මෙතනදී ඔයා කරන්න ඕනා ඔයාගෙ Id එකේ දෙපැත්තෙම Photo Upload කරන එකයි.Mobile App එකේදිනම් මෙතනදී Camera එක Use කරල එවෙලේම Photo Upload කරන්න පුලුවන් Desktop එකේ නම් ඔයාට Camera එකක් හරි Mobile එකක් හරි Use කරල අර ගත්තු Photo File එකකට Save කරලා තමයි Upload කරන්න වෙන්නේ.හොදයි මේ විදිහට කර ගත්තට පස්සෙ Confirm Button එක Click කරන්න.

 

 

මෙතනදී ඔයා කරන්න ඕන වෙන්නේ ඔයාගෙ Real Photo එකක් Upload කරන එකයි කලින් Id එක Upload කරපු විදිහටම තමයි කරන්න ඕන. මෙතනදී Mobile App එකේදි ඔයාගෙ Face එක Scan කිරීමක් කරනවා ඒක හරියට කරපුවම Verification Complete වෙනවා නමුත් Desktop එකේදි පහල Image එකේ වගේ Window එකක් එනවා

 

 

මෙතන ඔයාට Option දෙකක් ලැබෙනවා Mobile App එක තියෙනවනම් I Have Completed This On My Phone කියලා දෙන්න පුලුවන් නැත්නම් Use PC To This Verification කියලා දෙන්න පුලුවන් දැන් ඔයාලගෙ  Personal Verification එක සම්පූරනයි.

 

 

හොදයි දැන් ඔයාලට Binance එක හරහා මුදල් හොයන්න පටන්ගන්න පුලුවන් ගැටළු තියෙනවනම් පහලින් Comment කරන්න ඔයාලට සුභ දවසක්.